ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...
විශේෂ ලියුම් කරුවකු විසි නි ශ්‍රී ලංකාවේ දැන් ඩෙංගු වසංගතයක් ව්‍යාප්තවී ඇති බව රහසක් නොවේ. මෙය සුළු කාලයකදී සිදුවූවක් නොව ක්‍රමක්‍රමයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වුන දෙයකි. වර්ෂ 1962 සිටම ලංකාවේ ඩෙංගු රෝගය තිබූ බව වාර්තා වී ඇත. එහෙත්, එම රෝගය මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවීය. රට පුරාම හඳුනාගත් රෝගීන් ගණන ඉතා සුළුවිය. වර්ෂ 2004 සිට අවුරුදු පතා රෝගීන් ගණන වැඩිවී ඇති බව පෙනේ. 2008 සිට රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහල ගොස් ඇත. මේ කාලය තුල බලධාරීන් රෝගය පාලනය කිරීමට මහත් උත්සාහයක් ගෙන ඇත. මෑතක සිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අමතරව පොලිසිය සහ අනිත් හමුදාද, අනිකුත් රජයේ ආයතනද සමග ජාතික ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මේ සමග ඇති 2 වැනි ප්‍රස්තාර සටහනින් පෙන්වා ඇති පරිදි 2004 සිට 2012 දක්වා කාලය තුල “බ්‍රිටෝ ඉන්ඩෙක්ස්” (BI) දර්ශකය ක්‍රමයෙන් පහත වැටි ඇත. “බ්‍රිටෝ ඉන්ඩෙක්ස්” දර්ශකයෙන් දක්වන්නේ නිවෙස් අවට මදුරුවන් බෝවෙන ස්ථාන පිළිබිඹු කරන සංසන්ධනයකි. (2017 දී, අවු. 5 කට පසු, “බ්‍රිටෝ ඉන්ඩෙක්ස්” ඊටත් වඩා පහල යනු බව නොඅනුමානයි). කෙසේ වෙතත් මේ වකවානුව තුල එනම්, 20
Comments
Post a Comment