ඩෙංගු රෝගීන් සිටින රෝහල් වාට්ටු සුදුසු ලෙස ආවරණය කිරීමේ ව්‍යාපෘතිය - Initiative for covering hospital wards housing dengue patients

ඩෙංගු අධි-වසංගත තත්ත්වයක් පවතින මේ අවස්ථාවේ, මදුරුවන් විනාශ කිරීම සහ බෝවීම මර්ධනය කිරීම සඳහා අපට කල හැකි සියලු දේ කරන අතර, විශේෂයෙන්ම ඩෙංගු රෝග තත්ත්වයන් පවතින ප්‍රදේශවල සියලුම දෙනා විසින් මදුරු දැල්, මදුරු විකර්ෂක (repellent) සහ අත් කකුල් වැසෙනසේ දිග ඇඳුම් භාවිතය මගින් මදුරු දශ්ටයන් වලක්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන බව සඳහන් කල යුතුය.  

ඩෙංගු රෝගීන්ගෙන් මදුරුවන් හට ඩෙංගු වෛරසය පැතිරීම වලක්වා ගැනීම මගින් මෙම වසංගතයට සාර්ථක විසඳුමක් ලබාදිය හැකිය. මෙහිදී මාස හතරක් තුල ඩෙංගු රෝගීන්ගෙන් අවම වශයෙන් අඩක් (50% ක්) මදුරු දශ්ටයෙන් බේරා ගැනීමට හැකි නම්, මාස හතරකින් (4) ඩෙංගු රෝගය තුරන් කල හැකිවේ.  මෙහිලා, මේ සම්බන්ධයෙන් ඩෙංගු රෝගීන් සහ ඩෙංගු යැයි සැක කල හැකි උණ රෝගීන් හට කලයුතු එකම දෙය වන්නේ අවම වශයෙන් දින 5ක් (හැකි නම් සතියක්) හැකි සෑම උපක්‍රමයක් මගින් මදුරු දශ්ටයන් වලක්වා ගැනීමයි. මෙම අදහස සම්බන්ධයෙන් eradicatedengue.blogspot.com බ්ලොග් අඩවිය විශාල වශයෙන් කරුණු ගෙනහැර දක්වා ඇත.

මෙහි ඉදිරි පියවරක් වශයෙන් ඩෙංගු රෝගීන් සිටින රෝහල් වාට්ටු මදුරු දැල් වලින් ආවරණය කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු වී ඇත.  ඒ සඳහා ඒ ඒ රෝහල් බලධාරීන්ගේ සහාය ලබා ගැනීමේ සිට මදුරු දැල් ස්ථාපනය කිරීම දක්වා කල යුතු විශාල වැඩ කොටසක් ඇත. කරුණාකර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ඔබට සහාය දිය හැකිනම් පහත සඳහන් spread sheet එකෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.


Dengue has assumed epidemic proportions now.  Whilst doing everything possible to destroy mosquitoes and eliminate their breeding, everyone --especially those who are living in dengue prone areas-- should use mosquito nets and repellents, and wear long clothes to fully cover their hands and feet to avoid being bitten by mosquitoes.


Dengue can be effectively controlled by preventing the transfer of virus from dengue patients to mosquitoes. If, for four months, half of the dengue patients (50%) at a minimum could be kept free from mosquito bites, we should be able to eradicate dengue within a matter of 4 months. In this regard, the only thing dengue patients --and also those who are having fever and suspected of dengue—need do is protect themselves from mosquito bites for 5 days (if possible 7 days) by taking every possible precautions. The blog site, eradicatedengue.blogspot.com, provides ample information on this.


As the next logical step, it is envisaged to cover hospital wards where dengue patients are housed. This initiative would naturally entail lot of effort and coordination.  If you could contribute in any way towards this initiative for covering hospital wards housing dengue patients, please help us by entering your details in the spread sheet below.



Spreadsheet: ඩෙංගු රෝගීන් සිටින රෝහල් වාට්ටු සුදුසු ලෙස ආවරණය කිරීමේ ව්‍යාපෘතිය - Initiative for covering hospital wards housing dengue patients




Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?