Posts

How long do we have to isolate dengue patients? Is 4 months enough?

Image
The period of time that we need to isolate patients depend on how efficient we are in isolating patients. Remember that mosquitoes do not infect mosquitoes. Patients infect mosquitoes. So if we isolated all patients, dengue will disappear immediately; that is as soon as the existing patients recover. Of course, even if we isolated all patients, the already infected mosquitoes will continue to give the infection to new people and this will continue as long as the already infected mosquitoes live; that is a month. And the patients infected by the last infected mosquito on the last day of its life will recover in a week. No more dengue!
R describes the generation of secondary cases in a population that has both cases and susceptible people, as in Sri Lanka.
When  R = 1  each infectious case gives rise to one new case
When  R > 1  each infectious case gives rise to more than one new case
When  R < 1  each infectious case gives rise to less than one new case


If we are not 100% effic…

ඩෙංගු රෝගීන් සිටින රෝහල් වාට්ටු සුදුසු ලෙස ආවරණය කිරීමේ ව්‍යාපෘතිය - Initiative for covering hospital wards housing dengue patients

ඩෙංගු අධි-වසංගත තත්ත්වයක් පවතින මේ අවස්ථාවේ, මදුරුවන් විනාශ කිරීම සහ බෝවීම මර්ධනය කිරීම සඳහා අපට කල හැකි සියලු දේ කරන අතර, විශේෂයෙන්ම ඩෙංගු රෝග තත්ත්වයන් පවතින ප්‍රදේශවල සියලුම දෙනා විසින් මදුරු දැල්, මදුරු විකර්ෂක (repellent) සහ අත් කකුල් වැසෙනසේ දිග ඇඳුම් භාවිතය මගින් මදුරු දශ්ටයන් වලක්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන බව සඳහන් කල යුතුය.  
ඩෙංගු රෝගීන්ගෙන් මදුරුවන් හට ඩෙංගු වෛරසය පැතිරීම වලක්වා ගැනීම මගින් මෙම වසංගතයට සාර්ථක විසඳුමක් ලබාදිය හැකිය. මෙහිදී මාස හතරක් තුල ඩෙංගු රෝගීන්ගෙන් අවම වශයෙන් අඩක් (50% ක්) මදුරු දශ්ටයෙන් බේරා ගැනීමට හැකි නම්, මාස හතරකින් (4) ඩෙංගු රෝගය තුරන් කල හැකිවේ.  මෙහිලා, මේ සම්බන්ධයෙන් ඩෙංගු රෝගීන් සහ ඩෙංගු යැයි සැක කල හැකි උණ රෝගීන් හට කලයුතු එකම දෙය වන්නේ අවම වශයෙන් දින 5ක් (හැකි නම් සතියක්) හැකි සෑම උපක්‍රමයක් මගින් මදුරු දශ්ටයන් වලක්වා ගැනීමයි. මෙම අදහස සම්බන්ධයෙන් eradicatedengue.blogspot.com බ්ලොග් අඩවිය විශාල වශයෙන් කරුණු ගෙනහැර දක්වා ඇත.
මෙහි ඉදිරි පියවරක් වශයෙන් ඩෙංගු රෝගීන් සිටින රෝහල් වාට්ටු මදුරු දැල් වලින් ආවරණය කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ අවශ්…

ලෙඩ්ඩු මදුරුවන්ගෙන් පරිස්සම් කරල ඩෙංගු නැති කරන්න පුළුවන්ද? - සාකච්ඡාවක්

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

මෙවැනි සාකච්ඡා සහ වාද විවාද මේ වෙන කොටත් සිද්ධ වෙමින් පවතිනවා.  නමුත් වැදගත් දෙය වන්නේ, අපට හැකි සෑම උපක්‍රමයක්ම භාවිතා කරමින් ඩෙංගු රෝගය තුරන් කිරීමට කටයුතු කිරීමයි.
Q: මොකද්ද මේ ඩෙංගු මර්ධනය කරන අලුත් සංකල්පය ?
A: ඩෙංගු නැති කරන්න මදුරුවො නැති කරල බෑ,  ඒකට ලෙඩ්ඩු නෙට්එක යට තියන්න ඕන කියන එක.  මදුරුවා කියන්නෙ වාහකයා විතරයි, ඩෙංගු තියෙන්නෙ මිනිස්සු ලඟ කියන එක.
Q: මේ ගැන ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක් නැත්ද? තාක්ෂණික වචන තේරුම්ගන්න අමාරුයි සිංහලෙන් ලිව්වම.
A: There are plenty of them in this blog:  http://eradicatedengue.blogspot.com
Q: මේක අලුත් සංකල්පයක් නෙවෙයිනේ.  ඩෙංගු රෝගීන්ට මදුරු දැලක් සැපයිය යුතු බවට නිර්දේශ වෙන්නේ මීට අවුරුදු පහලොවකට කලින්.
A: සමහර පරණ දේවල්ම උනත් ආපහු කියනකොට කොච්චර අලුත් වගේ පේනවද කිව්වොත්, ඒවා පිළිගන්නෙත් නෑ දැන්.  ඩෙංගු වැළඳුන කෙනෙක් මදුරුදැල්, විකර්ෂක (repellent) සහ දිගු ඇඳුම් පාවිච්චි කරන්න කියලා විශේෂයෙන් උපදෙස් දෙන එක ලීෆ්ලට් එකක්, ගයිඩ් ලයින් එකක්, ටීවී එකේ ඇවිත් උපදෙස් දෙන වීඩියෝ එකක් වත් මට නම් හම්බව…

"මදුරුවන් ඩෙංගු රෝගීන්ගෙන් බේරා" ඩෙංගු වසංගතය පාලනය කිරීම - Video

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

මෙය "මදුරුවන් ඩෙංගු රෝගීන්ගෙන් බේරා" ඩෙංගු වසංගතය පාලනය කිරීමට අදාලව බෝවන රෝග පාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍ය ලාල් ජයසිංහගේ අදහස ප්‍රචලිත කිරීම වෙනුවෙන් අප ගෙන යන කැම්පේන් එකේ තවත් විස්තර කිරීමක් පමණි. පෙර සිට සඳහන් කරන කරුණු මෙන්ම, යම් යම් අලුත් දේවල්ද එකතු කර ඇත. 
මීට සතියකට පමණ පෙර එක් නාලිකාවක ඉල්ලීමක් පරිදි රූගත කලද, යම් හේතුවක් නිසා එය ප්‍රචාරය වූයේ නැත. කෙසේ වෙතත් එය සමාජ ජාල වලට මුදාහරින්නට අප තීරණය කලේ රූපරාමු වල අයිතිය ඇති එම මාධ්‍යවේදියාගේ අවසරය සහිතවය. 
දර්ශන සඳහා දායකත්වය - Ashoka Chandrasekara


ඩෙංගු වලට "වගකිව යුත්තන්" සියලු දෙනා මර්ධනය කිරීම මගින් ඩෙංගු පහසුවෙන්ම මර්ධනය කිරීම ...

Image
By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

මේ ටික විවෘත මනසකින් කියෙව්වෙ නැත්නම් තේරෙන එකක් නෑ. ඒ නිසා ඔළු වල පුරවගෙන ඉන්න දැනුම ටිකකට වමාරලා කියවගෙන යන්න. කාලාන්තරයක් තිස්සේ දේශපාලකයොයි, මුල් පුටු වල ඉන්න අයයි, වෛද්‍යවරුනුයි, මාධ්‍යයයි එකමදේ නැවත නැවත කියවන එකෙන් මිනිස්සුන්ව කොච්චර පහලට ඇදගෙන යන්න පුලුවන්ද කියලා මම පෙන්වන්නම්. එහෙම ඇදගෙන ගිහින් අපි හැමෝම එක එක දේවල් වල හිරවෙලා, ගැලවෙන්න බැරුව ඉන්න හැටි බලන්න. විවෘතව දෙයක් දිහා බලන විදිය ගැන පාඩමක් ඩෙංගු අපිට කියලා දෙනවා. ඒක මේ පෝස්ට් එකේ අමතර වාසියක්.
ඩෙංගු රෝගය ඇතිවෙන විදිහ දාමයක් (chain) විදියට විමසලා බලමු:-
1. ඩෙංගු රෝගය ඇති කරන්නෙ ඩෙංගු කියන වෛරසය විසින්...  එතකොට ඩෙංගු වෛරසය එන්නෙ කොහෙන්ද?
2. ඩෙංගු වෛරසය ඉන්නේ මනුස්සයන්ගේ ඇඟෙයි, ඊඩිස් මදුරුවගෙ ඇඟෙයි. මදුරුවගෙයි මිනිහගෙයි දෙන්නගෙම ඉන්නවා...
3. මිනිහව පැත්තකින් තියමුකො. මදුරුවා එන්නේ කොහෙන්ද? මදුරුවා එන්නෙ බිත්‍තර වලින්. බිත්තර තියෙන්නෙ අපි හැමෝම ඇතිවෙනකම් අහලා තියන වතුර එකතුවන තැන් ලිස්ට් එකේ...
4. ඔය වතුර එකතු වෙන තැන් හැදෙන්නෙ කොහොමද? කුණු... කුණු හින්දා තමයි මේ බෝවන තැන්…

මදුරුවො අඩු කරලා විතරක් මදි. ඉන්න මදුරුවන්ව ලෙඩ්ඩුන්ගෙන් බේරගන්නත් ඕනේ ...

Image
By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

ඔබ ඉන්නේ ඩෙංගු බහුල ප්‍රදේශයක නම් ... ඔබට උණ ගැනෙනවා නම්.. ඒ ඩෙංගු වීමේ වැඩි අවස්ථාවක් තියනවා. ඒ වගේම ඔබේ රුධිරයේ තියෙන වෛරස් එක මදුරුවාට යන්න පුලුවන් මට්ටමක දැන් තියෙන්නෙ.... 

ඒ නිසා හැකි ඉක්මනින් නෙට් එකක් ඇතුලට යන්න ඕනේ... 

වෛද්‍යවරයා හමුවන වෙලාව, රුධිර පරීක්ෂාව වගේ අත්‍යාවශ්‍යම වැඩ වලට පමණයි ඔබට නෙට් එකෙන් එලියට එන්න අවසර තියෙන්නෙ. එලියට එන වෙලාවට අනිවාර්යයෙන්ම මදුරු විකර්ශකයක් (mosquito repellent) භාවිතා කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් කකුල් සහ අත්, ඩෙංගු මදුරුවා සාමාන්‍යයෙන් දශ්ට කරන ස්ථාන බව මතක තබා ගන්න. එම නිසා අත් කකුල් සම්පූර්ණයෙන් වැසෙන ලෙස දිගු ඇඳුම් ඇඳීමත් වඩා සුදුසුයි.

මේ විදියට අවම දවස් පහක්වත් නෙට් එකේ ඉන්න ඕනෙ. පුලුවන් නම් සතියක්. 

ඒ කාලෙන් පස්සෙ ඩෙංගු ඔයාගෙන් බෝවෙන්න හැකියාව නෑ.


Image courtesy: aperata.net

නව ඩෙංගු මර්ධන ක්‍රියාවලිය ගැන සම්පූර්ණ විස්තරයක් - Video

Complete explanation of the new concept for dengue control - Video

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

දර්ශන සඳහා අනුග්‍රහය: NewsFirst

සැ.යු. 4.38 දී "අංක තුන වෛරසය තියන මදුරුවෙක්ගෙන් වෛරසය නැති 'පුද්ගලයෙකුට' යෑම වැලැක්වීම" වශයෙන් නිවැරදි විය යුතුය.