පිට පලාත් වල ඩෙංගු සහ අප හමුවේ ඇති භයානක අනාගත අවදානම - න්‍යායාත්මක අනාවැකියක්
By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)
මෙය දිග, ටිකක් සංකීර්ණ ලියවිල්ලක්. හෙමිහිට කියවන්න. අනිවාර්යයෙන් කියවන්න.
පිට පලාත් යනුවෙන් හැඳින්වුණේ ඩෙංගු බහුල පැති හැර අනික් පැති ඔක්කොම. මේවගෙ ඩෙංගු හැසිරීම ටිකක් වෙනස් විදියටයි සිදු වෙන්නෙ. ඒ පලාත්වල ඩෙංගු නෑ කියලා පෙනුනට ඩෙංගු ලෙඩ්ඩු ඇත්තටම ගොඩක් ඉන්නවා. න්‍යායාත්මකව මම වැරදියි නම් නිවැරදි කරන්න.
මේ පලාත්වලට ඩෙංගු ගේන්නෙ ඩෙංගු බහුල ප්‍රදේශවල තාවකාලිකව ජීවත් වෙන අය. උදාහරණයකට කොළඹ ජොබ් කරන, ඉගෙන ගන්න අය වගේ. මෙයාලා උණ ගැනුන ගමන් කඩාගෙන බිඳගෙන ගමේ ගෙදර ඇවිල්ලා දවසක් දෙකක් විතර ඉඳලා තමා රෝහලේ නතර වෙන්නෙ. මේ අය බහුතරයක් රෝගයේ ටිකක් බැරෑරුම් අවස්ථාවලට ලක් වුණ අය.
අපි දන්නවා ඩෙංගු ටයිප් හතරක් තියනවා. ගිය අවුරුද්දෙ මැද වෙනකම් ලංකාවෙ වැඩිපුරම වගේ තිබුනෙ DENV1 කියන වර්ගය. දැන්, මේ වසංගතයෙ තනිකරම වගේ යන්නෙ DENV2 කියන එක.
ජීවිතේ පළමු වතාවට මේ හතරෙන් ඕනෙම එකක් හැදෙන කෙනෙක්ට රෝග ලක්ෂණ පහල වෙන්නෙ අඩුවෙන්. සාමාන්‍යයෙන් පලමු ආසාදනයේදී (Primary infection) රෝග ලක්ෂණ පෙන්වන එක්කෙනෙක්ට රෝග ලක්ෂණ නොපෙන්වන 10 දෙනෙක් ඉන්නවා. ඉතින් මෙහෙම බැලුවොත් ඩෙංගු බහුල පැතිවල අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට මේ පලමු ආසාදනය කවදාහරි හැදිලා තියනවා. ඒ කියන්නෙ DENV1 කියන ප්‍රභේදය.
එක් වරක් ඩෙංගු හැදිලා තියන කෙනෙක්ට නැවත වෙන වර්ගයක ඩෙංගු හැදුනොත් (Type එක අදාල නෑ) ඒකෙදි ගොඩක් අයට රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ විතරක් නෙමේ, රක්තපාත වගේ තත්ත්ව වලටත් යනවා. මේ යන DENV2 එක නිසා ගොඩක් දෙනා රෝහල් ගතවෙන්නෙ ඒ නිසා.
පිට පලාත් ගත්තම තත්ත්ව ටිකක් වෙනස්. ඒ පැතිවල ඉන්න අය ජීවිතේටම ඩෙංගු වයිරස් එකට නිරාවරණය වෙලා ඉන්නෙ අඩුවෙන්. එතකොට කොළඹ ඉඳලා ඩෙංගු අරන් එන කෙනා ගමේ ඩෙංගු බෝකරන කොට බහුතරයකට ඩෙංගු රෝග ලක්ෂණ මතුවෙන්නෙ නෑ. තව වැඩි කොටසකට සාමාන්‍ය උණක් පමණක් මතුවෙලා දවසින් දෙකකින් බැහැලා යනවා. ඉතිහාසෙ කවදාහරි ඩෙංගු හැදිලා තිබුණ කීප දෙනක් පමණක් අමාරු වෙලා රෝහල් ගත වෙනවා.
පිට පලාත්වල මේ දවස් වල එක්තරා විදියක උණ ලෙඩුන් කොටසක් වාර්තා වෙනවා. එයාලා ඩෙංගුවල ආවේනික රෝග ලක්ෂණ පෙන්වන්නෙ නෑ. NS1 Antigen test එකත් Negative. Platelets ගොඩක් අඩුවෙන්නෙත් නෑ. කියන්නෙ "නෑ, මේ ඩෙංගු නෙමේ වෙන වයිරස් එකක් " කියලා. මට හිතෙන්නෙ මේ අයගෙන් බහුතරයක් ජීවිතේ මුල් වතාවට ඩෙංගු හැදෙන අය. මොකද මේ පාර තමයි ලංකාවෙ ලොකුම ඩෙංගු ව්‍යාප්තිය සිද්ද උනේ. මාස හතට වාර්තා උනා ලෙඩ්ඩු ලක්ෂයක්!! වාර්තා නොවුණ අය කොච්චර ඇතිද?
ඉතින් මෙයාලා රට හැමතැනම විසිරෙන්න ලොකු අමාරුවක් නෑ. ලෙඩ්ඩු විසිරෙනවා කියන්නෙ වෛරස්එ කත් විසිරෙනවා කියන එක. ගම් දනවු කරා වෛරස් එක යනවා. ඉතින් එහෙම ගිහින් ගොඩක් අයට ආසාදනය වෙනවා. NS1Antigen test එකත් DENV2 සඳහා Sensitivity එක අඩුයි. ඒ කියන්නෙ ඒ ටෙස්ට් එක නෙගටිව් උන පමණින් ඩෙංගු නෙමෙයි කියලා තහවුරු කරන්න බැහැ. ඉතින් පොඩි උණක් ගැනිලා, ඒ ටෙස්ට් එක නෙගටිව් උනාම, ලේ රිපෝට් එච්චර අවුලක් ගියෙ නැතිවුනාම, "මේක වයිරස් උණක්" කියලා හිත හදා ගන්නවා. ඒක ඇත්තටම 'පොඩි ඩෙංගු' එකක්.
මේකෙ තියන භයානක පැත්ත තමා මේ පොඩි ඩෙංගු උණ අයගෙනුත් ඩෙංගු වෛරසය බෝවෙන්න පුලුවන්. ඔහොම බෝකරලා ගෙදර වටේම ඉන්න අයට ඔය "පොඩි වයිරස් උණ" බෝ කරනවා. එහෙම බෝ කර කර ගිහින් වෛරස් එක කලින් ඩෙංගු හැදිලා තිබුන කෙනෙක්ට (මීට පෙර දැනගෙන හෝ නොදැන ඩෙංගු හැදිලා තිබුන කෙනෙක්ට) ගියාම, ඇඩ්මිට් කරන ගාණට ඩෙංගු පිට දානවා. අපේ වාට්ටුවට එන සමහර ඩෙංගු ලෙඩ්ඩු කොලඹ ගම්පහ මීගමුව පැත්ත පලාතෙ ගිහින් නෑ. ඩෙංගු කියලා අඳුන ගත්ත ලෙඩ්ඩුත් ගෙවල් ලඟ ඉඳලා නෑ. වෛරස් උණ තිබුණ කෙනෙක් ගෙවල් ලඟ හිටියද කියලා අහපුවාම, "ආ... අහවල්ලුන්ට නම් වෛරස් උණක් ගැනිලා තිබුනා කියලා... ඩෙංගු නම් නෙමෙයි කියලා ඩොක්ටර්ස්ල කීවෙ" කියලා කියනවා.
ඉතින් මේකෙ තියන පණිවිඩය තමා මේ දවස් වල වෙන හේතුවක් හිතාගන්න බැරි සාමාන්‍ය වෛරස් උණත් ඩෙංගු විදියට සලකන්න ඕනෙ. එහෙම ලෙඩ්ඩුන්ගෙන් මදුරුවන්ව පරිස්සම් කර ගන්න නම් ලෙඩාව හැකිතාක් නෙට් ඇතුලෙ තියන්න ඕනෙ. එලියට යනවා නම් විකර්ශක (mosquito repellent) ගාන්න ඕනෙ. එහෙම කරලා "ලොකු ඩෙංගු" විදියට හරි "පොඩි ඩෙංගු" විදියට හරි ඩෙංගු වෛරස් එක සමාජයේ පැතිරෙන එක වලක්වන්න ඕනෙ. පිට පලාත්වලට මේක වැඩිපුර අදාල උනාට අනිත් ඩෙංගු බහුල පැතිවලත් මේ සංසිද්ධිය සුලු ප්‍රමාණ වලින් වෙනවා.
මෙහෙම ලොකුවට හරි, පොඩිවට හරි ඩෙංගු වෛරසය රටේ පැතිරෙන එක නිසා ඇති අනාගත අවදානම සහ ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එක දැන් බලමු.
වෛරස සම්බන්ධ පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබෙන ආකාරයට දැන් යන ඩෙංගු වසංගතයට සම්පූර්ණයෙන්ම පාහේ වගේ වගකිව යුත්තේ DENV2 කියන ඩෙංගු වෛරස් ප්‍රභේදය. මේ වගේ තව ප්‍රභේද හතරක් දකින්න තිබෙනවා. ලංකාවෙත් මේ හතරම සංක්‍රමණය වෙමින් තිබෙනවා. ලෝකෙ ඕනෙම තැනක ඩෙංගු වසංගතයකදී දකින්න පුලුවන් කාරණයක් තමයි මෙයින් එක ප්‍රභේදයක් අනෙක්වා පරයා හදිසියේ සක්‍රිය වීම. උදාහරණයකට දැනට අවුරුදු කිහිපයක් පුරා වසංගත වලට හේතුව වුනේ DENV1 ප්‍රභේදය. මේ අවුරුද්දෙ යන අධිවසංගතයට හේතුව DENV2 හි හදිසි සක්‍රිය වීම.
හේතුව මොකක්ද කියලා හරියටම කියන්න අමාරුයි.
(Photo credit - Facebook Page of Centre for Dengue Research, University of Sri Jayawardenepura)
ඉතින් මේ DENV1 සහ DENV2 වල මේ ව්‍යාපෘතිය නිසා පහුගිය අවුරුදු කිහිපය පුරාවට ලංකාවෙ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වෛරසය ආසාදනය කරගෙන ඉන්නෙ. මතක් කරන්න ඕනෙ ඩෙංගු ආසාදනය වුන අයගෙන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති බව. ඒ නිසා අපි දකින රෝග ලක්ෂණ තියන අයට වඩා ඇත්තටම ආසාදිත අය ගණන ගොඩක් වැඩියි. මේක කියවන ඔබ මම පවා නොදැනුවත්ව මේ ප්‍රභේද දෙකෙන් එකක් ආසාදනය වෙලා ඉන්න පුලුවන්.
මතක් කරන්න ඕනෙ අනිත් කාරණය තමයි මේ වෛරස ප්‍රභේදයක් වැලඳුන කෙනෙක්ට ඒ ප්‍රභේදය සඳහා ජීවිත කාලයටම වලංගු වෙන ප්‍රතිශක්තියක් හැදෙනවා. එයාට ඒ වෛරසය ප්‍රභේදය ආයෙ හැදෙන්නෙ නෑ. සතුටුදායක දෙයක් විදියට පෙනුනත් මේකෙ තියන භයානක පැත්ත තමයි එයාට කවදාහරි වෙනත් ප්‍රභේදයක් වැලඳුනොත් ඒ ප්‍රතිශක්තියම නපුරු ආවේශයක් ගන්න එක. එහෙම වෙලා එයා අනිවාර්යයෙන් උග්‍ර ඩෙංගු අවස්ථා වලට යනවා. ගොඩක් අමාරු වෙනවා. මේ විදියට කෙනෙක්ට ජීවිත කාලය තුලදි ඩෙංගු වර්ග හතරක්ම හැදෙන්න පුලුවන්.
එතකොට ලංකාවෙ විශේෂයෙන් ඩෙංගු බහුල පැති ගත්තම DENV1 සහ DENV2 දෙකම වැලඳුන අයත් ඉන්නවා, මේ දෙකෙන් එකක් හරි වැලඳුන අය ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අර කිව්ව විදියෙ 'නපුරු ප්‍රතිශක්තිකරණය' හදාගත්ත අය ගොඩක් ඒ පැති වල ඉන්නවා.
එතකොට ඩෙංගු බහුල නැති පැති? කලින් ලිව්වා වගේ මේ වසංගතය නිසා රෝග ලක්ෂණ පෙන්නපු අය ලක්ෂයකට වඩා වැඩියි. මේ අය ලංකාවෙ හැමතැනම ගිහිල්ලා දුර බැහැර ප්‍රදේශ වලට වෛරසය පතුරවන වැඩේ නියමෙට කරගෙන යනවා. දුර පලාත්වල වෛරසය ආසාදනය වෙන අයගෙන් බහුතරයක් ජීවිතේ පලමු වතාවට ඩෙංගු හැදෙන අය නිසා එයාලට වැඩිය රෝග ලක්ෂණ පෙන්වන්නෙ නෑ. ඒ නිසාම පිට පලාත්වල ඩෙංගු පාලනය ගැන වැඩිය අවධානයක් යොමු වෙන්නෙ නෑ. නමුත් ඇත්ත කාරණේ, හොරෙන් හොරෙන් ඩෙංගු වෛරසය පිට පලාත් වල මිනිසුන්වත් ආක්‍රමණය කරනවා. එයාලටත් අර 'නපුරු ප්‍රතිශක්තිය' ඇති කරවනවා.
මේ කතාවලින් මම කියන්න උත්සාහ කලේ ඩෙංගු වෛරස් ප්‍රභේද දෙකක්, ඒ කියන්නෙ DEN1 සහ DENV2 සඳහා, ප්‍රතිශක්තියක් රටේ ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට ඇතිවෙලා ඉවරයි (නපුරු ප්‍රතිශක්තිය). මේ වසංගතයත් තාම ඉවර නැති නිසා තව දුරටත් මේ ක්‍රියාදාමය සිදුවෙමින් යනවා. මේ අයගෙනුත් පිරිසක් ඉන්නවා ප්‍රභේද දෙකටම ප්‍රතිශක්තිය හදා ගත්ත අය. රටේ සිතියමෙන් හැම ප්‍රදේශයක්ම මේ ප්‍රතිශක්තියෙන් ආවරණය වෙලා ඉවරයි.
සාමන්‍යයෙන් අවුරුදු හතර-පහකටවත් සැරයක් මේ වෛරස හතරෙන් එකක් අනෙක් ඒවා පරදලා මතුවෙලා ලොකු වසංගත ඇති කරනවා. DENV1 පරදවලා DENV2 මතුවෙලා දැන් අපි මුහුණදෙන වසංගතය ඇතිවුණා වගේ. මෙහෙම අවුරුදු කීපයකට සැරයක් මතුවෙන්නෙ එක් වෛරස් වර්ගයකට යම් ජනගහණයක් ක්‍රම ක්‍රමයෙන් ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න නිසා. ඒ ප්‍රතිශක්තිය නිසා ඒ ප්‍රභේදය මිනිසුන්ට වැලඳෙන්නෙ නෑ. එහෙම මිනිසුන්ට වැලඳෙන්නෙ නැති නිසා ඒ වෛරසය මදුරුවො හරහා ව්‍යාප්ත වෙන්නෙත් නෑ. ඔන්න එතකොට අවස්ථාව එනවා මෙච්චර කල් හැංගිලා හිටපු වෙනත් වෛරස් ප්‍රභේදයකට. ඒ ප්‍රභේදයට මිනිස්සු වැඩිය නිරාවරණය වෙලා නැති නිසා පහසුවෙන් වැලඳෙනවා. වැලඳෙන මිනිස්සුන්ගෙන් මදුරුවො හරහා වෛරසය බෝවෙනවා. මේක DENV1 සහ DENV2 ඇසුරෙන් සරලව පැහැදිලි කරන්නම්.
කාලයක් තිස්සෙ ලංකාවෙ අපිට DENV1 හැදුන නිසා ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිය ජනයාට ලැබුණා. ගිය අවුරුදු දෙක තුන ඇතුලෙ ගොඩක් අයට ඒක වැලඳුනා. ඒ නිසා නැවත ඒ වෛරසය වැලඳෙන්න සුදුසු අය මේ වසර මුලදි වැඩිය හිටියෙ නෑ. ඔන්න අවස්ථාවක් ආවා DENV2 ට. ඒ ප්‍රභේදය කලින් වැලදිලා හිටිය අය ගොඩක් අඩු නිසා පහසුවෙන් මිනිස්සුන්ට වැලඳුනා. ඒක වැලඳුන ගොඩක් අයට කලින් DENV1 හැදිලා තිබුන නිසා මේ සැරේ අමාරු වුනා. රට වටේ ලෙඩ්ඩු පිරුණේ ඒ නිසා. ලෙඩවුණ අය වැඩි නිසා පහසුවෙන් මදුරුවො හරහා වෛරසය පැතිරුණා. රට පුරා ලෙඩේ ව්‍යාප්ත වුනා. (රෝගී අයව මදුරු දෂ්ටනයෙන් බේරන එක ගැන අවධානය වසංගතය පුරාවට අවම මට්ටමක තිබුණෙ. රෝහල් වල තවමත් එහෙමයි).
1980 විතර ඉඳලා ලංකාවෙ හොල්මන් කරන ඩෙංගු වෛරස ප්‍රභේදයක් තමයි DENV3 . DENV1 සක්‍රිය වෙන්න කලින් ලංකාවෙ ඩෙංගු රෝගීන්ගෙ උග්‍ර ඩෙංගු අවස්ථාවලට ලක්වන්නන්ට වගකිව යුත්තෙත් මේ DENV3 ප්‍රභේදය. මේ ජරා ප්‍රභේදය ඇතුලේ තව තව උප ප්‍රභේද (Genotype) තියන නිසාත්, ඒවා වෙනස් වෙනස් ආකාරයට සක්‍රිය වෙන නිසාත්, මේ ප්‍රභේදය ටිකක් දරුණු එකක්.
1989 ලංකාවෙ ඩෙංගු රක්තපාත තත්ත්වය (dengue haemorrhagic fever) මුලින්ම ඇතිවෙන්න මූලික වුනෙත් මේ විදියෙ වෙනත් උප ප්‍රභේදයක මතුවීම කියලාත් මතයක් තිබෙනවා.
කොහොම උනත් 1989 මතුවෙන ඒ ප්‍රභේදය අවුරුදු ගණනාවක් පුරාවට ( DENV1 සක්‍රිය වෙන තුරු) ලංකාවෙ ඩෙංගු රක්තපාත උණට ප්‍රධාන හේතුකාරකය වෙනවා. ඒ විදියට විද්‍යාඥයින් අන්දමන්ද කරපු මේ ප්‍රභේදය තාම අපි අතර හොල්මන් කරනවා.
මේ යන විදියට තව වසර කීපයකින් DENV3 ආයෙ හිස ඔසවන්න නියමිතයි. මගේ මතය නම් ගොඩක් ඉක්මනින් එහෙම වෙයි. හේතුව මේ අධි වසංගතයත් එක්ක DENV1 සහ DENV2 වලට රටේ බහුතරයක් දෙනා ප්‍රතිශක්තිය ගොඩනගා ගෙන ඉවරයි. ලංකාවෙ සෑහෙන කාලෙක ඉඳලා හොල්මන් කරන DENV3 මේක දිහා බලාගෙන ඉන්නෙ. තව DENV2 outbreaks දෙක තුනකට පස්සෙ, එයා අනිවාර්යයෙන් හිස ඔසවයි.
එදාට ලංකාව මුහුණදෙන අභියෝගය නරක හීනයක් වගේ වෙයි. මොකද දැනට රටේ ගොඩක් දෙනා අර 'නපුරු ප්‍රතිශක්තිය' ගොඩ නගාගෙන තියන නිසා. DENV3 වලට ප්‍රතිශතය තියන අය වැඩිය හොයාගන්නත් නෑ. DENV1 වලට පස්සෙ DENV2 මතුවෙද්දි අපි මුහුණ දෙන තත්ත්වය මේ ඇස්පනාපිට තියන තත්ත්වය නම්, මේ දෙකටම පස්සෙ මතුවෙන DENV3 කොහොම වෙයිද?
ගොඩක් දෙනා රක්තපාත තත්ත්වයට යාවි.
රෝහල් පිරිලා ඉතිරේවි.
මරණ වැඩි වේවි.
ආර්ථිකය පවා සලිත වේවි.
අනිත් ප්‍රශ්නෙ, පිට පලාත් වල ඩෙංගු රෝගීන් වාර්ථාවීම ඉහල යාවි. ඒ පැතිවල ඩෙංගු රක්තපාත රෝගීන් වැඩි වැඩියෙන් හමුවේවි. දැනට තියන සුලු සම්පත් ප්‍රමාණයත් එක්ක ඒ එන ඩෙංගු රැල්ල පිට පලාත්වලට දරාගන්න අමාරුයි. මේ යන වසංගතයට පිට පලාත්වල රෝහල් මුහුණ දුන්න අපහසුව මතක් වෙනකොට ඒ විදිහෙ දරුණු වසංගතයක් ආවොත් රෝගීන්ට මොකද කරන්නෙ කියලා මතක් වෙනකොට ඇඟ හිරිවැටිලා යනවා.
මේක න්‍යායාත්මක අනාවැකියක්. නමුත් ඇත්ත වෙන්න ඉඩකඩ ගොඩක් වැඩියි. මේකෙ භයානකකම මම මතු කරේ අපි රටක් හැටියට සාමාන්‍යයෙන් බයවෙන්නෙ වර්තමානෙ ඇස් පනාපිට පේන්න තියන විනාශයට වඩා අනාගතයෙ වෙන්න තියන විනාශයකට නිසා. එහෙම පෙන්නපුවාමවත් මේ ව්‍යසනයට තියන අවධානය වැඩි කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.
පුරෝකථනය කරපු විදියෙ දරුණු වසංගතයක් ආවොත් ඒක පාලනය කරන්නෙත් "ඩෙංගු මදුරුවන්ව රෝගීන්ගෙන් බේරීමෙන්" තමයි. ඒ සංකල්පය ගැන දන්නෙ නැති කෙනෙක් මේක කියවනවා නම් මේ බ්ලොග් එකට -eradicatedengue.blogspot.com- ගිහින් බලන්න.
- වෛද්‍ය හසින්ද උදලාගම

ඩෙංගු නිසා අප හමුවේ ඇති භයානක අනාගත අවදානම - න්‍යායාත්මක අනාවැකියක්

Comments
Post a Comment