ලෙඩ්ඩු මදුරුවන්ගෙන් පරිස්සම් කරල ඩෙංගු නැති කරන්න පුළුවන්ද? - සාකච්ඡාවක්

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

මෙවැනි සාකච්ඡා සහ වාද විවාද මේ වෙන කොටත් සිද්ධ වෙමින් පවතිනවා.  නමුත් වැදගත් දෙය වන්නේ, අපට හැකි සෑම උපක්‍රමයක්ම භාවිතා කරමින් ඩෙංගු රෝගය තුරන් කිරීමට කටයුතු කිරීමයි.

Q: මොකද්ද මේ ඩෙංගු මර්ධනය කරන අලුත් සංකල්පය ?

A: ඩෙංගු නැති කරන්න මදුරුවො නැති කරල බෑ,  ඒකට ලෙඩ්ඩු නෙට්එක යට තියන්න ඕන කියන එක.  මදුරුවා කියන්නෙ වාහකයා විතරයි, ඩෙංගු තියෙන්නෙ මිනිස්සු ලඟ කියන එක.

Q: මේ ගැන ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක් නැත්ද? තාක්ෂණික වචන තේරුම්ගන්න අමාරුයි සිංහලෙන් ලිව්වම.

A: There are plenty of them in this blog:  http://eradicatedengue.blogspot.com

Q: මේක අලුත් සංකල්පයක් නෙවෙයිනේ.  ඩෙංගු රෝගීන්ට මදුරු දැලක් සැපයිය යුතු බවට නිර්දේශ වෙන්නේ මීට අවුරුදු පහලොවකට කලින්.

A: සමහර පරණ දේවල්ම උනත් ආපහු කියනකොට කොච්චර අලුත් වගේ පේනවද කිව්වොත්, ඒවා පිළිගන්නෙත් නෑ දැන්.  ඩෙංගු වැළඳුන කෙනෙක් මදුරුදැල්, විකර්ෂක (repellent) සහ දිගු ඇඳුම් පාවිච්චි කරන්න කියලා විශේෂයෙන් උපදෙස් දෙන එක ලීෆ්ලට් එකක්, ගයිඩ් ලයින් එකක්, ටීවී එකේ ඇවිත් උපදෙස් දෙන වීඩියෝ එකක් වත් මට නම් හම්බවුනේ නෑ.

ළඟම උදාහරණය ඊයේ පෙරේද නිකුත් කරපු OPD Triage Guideline එක.  මේකේ එක තැනකවත් ඔය කතාව කියල නෑ.  ඩෙංගු තියන කෙනෙක්ට ගෙදර නිදාගෙන ඉන්න කියලා විතරයි කියල තියෙන්නේ.  අඩුම තරමේ දාලා තියන පින්තුරේ ඉන්න කෙනාවත් නෙට් එකක් දාගෙන නෑ !


මදුරුවො අඩු වුනාට ඩෙංගු වැඩි වෙනව කියල මට කිසිම මාධ්‍යයකින් කිසිම බලධාරියෙක් කියනව ඇහුනෙ නෑ.  අවුරුදු 15ක් වෙලත් වෝර්ඩ් එකක් ආවරණය කරන්න පුළුවන් නෙට් එකක් තාමත් හදාගන්න බැරී වෙලා තියෙනවා. ඉන්න ලෙඩ්ඩු ගාන එක්ක තනි තනි නෙට් දාන එක ප්‍රායෝගික නෑ.

ඩෙංගු නැති කරන්න වෙන්නෙ "මදුරුවා ඩෙංගු රෝගීන්ගෙන් බේරගන්න එකෙන්" කියන අදහස මම මුලින්ම ඇහුවෙ මේ මනුස්සයාගෙන් (eradicatedengue.blogspot.com).  ඒත් ලංකාවෙ වසංගත වෛද්‍යවරු මේක වැරදි කියල පෙන්නන්න සෑහෙන බොරු තර්ක දැම්මා.  මං දන්නෙ නෑ අවුරුදු 15ක් පරණ අදහසක් ගැන වත් ඇයි මේ දොස්තරලා දන්නෙ නැත්තෙ කියල.

Q: මේක අලුත් සංකල්පයක් නම් නෙමේ. වසර ගණනාවක ඉදල කරන දෙයක් . මචං උඹලා FB එකේ ලිව්වට, ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් පැත්තේ යන්නේ නැහැනේ.  රෝගීන්ට මදුරු දැල් සැපයීම ළමා රෝහලේ ඉතාමත් හොදට වුණා. ජාතික රෝහලේත් සිද්ධ වුණා. මේක මහා ලොකු අරුමයක් වෙන සංකල්පයක් නෙමේ. මදුරුවාගේ පියාඹන පරාසය මීටර් තුන් හාරසීයක් පමණයි.

A: මමත් ඉස්පිරිතාලෙක වැඩ කරන දොස්තර කෙනෙක්.  ලංකාවේම ඉස්පිරිතාලවල මම දැන් සතියක් තිස්සේ යනවා මේ නෙට් වැඩේ කරගන්න.  ඒ ගොඩක් තැන් වල නෙට් දාන්නේ නෑ.

Q: මුකුත් නොකර ඉන්නවට වඩා මොකක් හරි කිරීම හොඳයි. ප්‍රයෝගික බව සහ කරන මැදිහත්වීමේ පලදායීතාවය ගැන ගොඩක් හිතන්නේ නැත්තම්.

A: තේරුනේ නෑ.

Q: මේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පවතින වෙලාවේ, රෝගියෙකුගෙන් රෝගියෙකුට බෝවීමට වඩා, මදුරුවන් බෝවෙන තැන් වැඩි නිසා දෂ්ටන වැඩියි.  Dengue incubation period එක දවස් 4 - 10ත් අතර. උණ හැදෙන කොට ඒ යම් කාලයක් ගිහිං ඉවරයි.   මදුරු දැල් දැමීම කිසිසේත් නරක නැහැ.   නමුත් ඒක මාරම විසදුමක් නම් නෙමේ.

A: තාක්ෂණික කාරණයක් විදියට -- ඔය incubation period එක කියන්නෙ infectious period එක නෙමේ. කෙටියෙන් කියනවා නම් ඉන්කියුබේශන් පීරියඩ් එකේදි ලෙඩාගෙන් වෛරසය සම්ප්‍රේශණය වෙන්න විදියක් නෑ.  රෝග ලක්ශණ මතුවුනාට පසුව තමයි බොහෝ වෙලාවට වෛරසය සම්ප්‍රේශණය වෙන්න පුලුවන්. දැනට තියන සාධක අනුව රෝග ලක්ෂණ මතුවෙන්න කලින් වෛරසය පැතිරීමේ අවදානමක් තියෙන්නෙ පැය 24ක කාලයක් පමණයි (latent period).  ඉතින් අපි ඒ මිස් වෙන දවස් හෝ අය ගැන හෝ හිත හිත, ඇස්පනා පිටම පේන්න ඉන්න රෝගය වැළඳුන අයගෙන් වෛරසය පැතිරීම නවත්වන්නෙ නැද්ද?  දැනට ඩෙංගු හැදෙන්නෙ කුණු වලින් වගේ කතාවක් යන අතරෙ, ඩෙංගු වලක්වන්න තව ක්‍රම තිබෙන බව පෙන්වලා, ඒ ක්‍රමත් යොදා ගන්න එක නම් මාර විසඳුමක් තමයි.

Q: තාක්ෂණික කාරණයට එකගයි.  මේ වසංගතය අඩු කරන්න පුළුවන් හැම දේම කළ යුතුයි.

A: ඔබට ස්තුතියි.


Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?