මදුරුවො අඩු කරලා විතරක් මදි. ඉන්න මදුරුවන්ව ලෙඩ්ඩුන්ගෙන් බේරගන්නත් ඕනේ ...

By Dr Hasinda Udalagama (hasindaudalagama@gmail.com)

ඔබ ඉන්නේ ඩෙංගු බහුල ප්‍රදේශයක නම් ... ඔබට උණ ගැනෙනවා නම්.. ඒ ඩෙංගු වීමේ වැඩි අවස්ථාවක් තියනවා. ඒ වගේම ඔබේ රුධිරයේ තියෙන වෛරස් එක මදුරුවාට යන්න පුලුවන් මට්ටමක දැන් තියෙන්නෙ.... 

ඒ නිසා හැකි ඉක්මනින් නෙට් එකක් ඇතුලට යන්න ඕනේ... 

වෛද්‍යවරයා හමුවන වෙලාව, රුධිර පරීක්ෂාව වගේ අත්‍යාවශ්‍යම වැඩ වලට පමණයි ඔබට නෙට් එකෙන් එලියට එන්න අවසර තියෙන්නෙ. එලියට එන වෙලාවට අනිවාර්යයෙන් මදුරු විකර්ශකයක් (mosquito repellent) භාවිතා කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් කකුල් සහ අත්, ඩෙංගු මදුරුවා සාමාන්‍යයෙන් දශ්ට කරන ස්ථාන බව මතක තබා ගන්න. එම නිසා අත් කකුල් සම්පූර්ණයෙන් වැසෙන ලෙස දිගු ඇඳුම් ඇඳීමත් වඩා සුදුසුයි.

මේ විදියට අවම දවස් පහක්වත් නෙට් එකේ ඉන්න ඕනෙ. පුලුවන් නම් සතියක්. 

ඒ කාලෙන් පස්සෙ ඩෙංගු ඔයාගෙන් බෝවෙන්න හැකියාව නෑ.


Image courtesy: aperata.net

Comments

Popular posts from this blog

ඩෙංගු රෝගය ලංකාවෙන් තුරන් කිරීමට නම් ...

Are asymptomatic dengue “patients” a source of dengue infection to others?